තාජුඩීන් ඝාතනයට සිද්ධියට කජ්ජාගේ නමත් ගෑවෙයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේ දරුවන් දෙදෙනා සමඟ ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' සිටි බවට හෙළිව ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (30) පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.