ඉන්ධන මිල වෙනස් වෙයි - නව මිල ගණන් මෙන්න
අද (30) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි පහත සඳහන් ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව මීට පෙර රුපියල් 283කට පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 277කි.
රුපියල් 341ක මිලට පැවැති ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 6කින් පහත දමා තිබෙනවා.
එහි නව මිල වන්නේ 335කි.
ඊට අමතරව රුපියල් 185කට පැවැති ලංකා භූමි තෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩුව තිබෙනවා.
එහි නව මිල වන්නේ රුපියල් 180කි.