×

Search News

LATEST NEWS

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.

"ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට" තේමාව යටතේ ලෝක ළමා දිනයත් "පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු" තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද දින සමරනු ලබනවා.

දිවයින පුරා පාසල්වල ළමා දිනයට සමගාමීව උත්සව සහ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබෙනවා.

ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 දා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූණා.

ඊට අමතරව වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) සිට 7 දා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මක වනවා.

Previous Article Next Article