ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි
ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යය හමුවී තිබෙනවා.
ඊයේ (30) පස්වරුවේ ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී මෙම හමුව සිදුව ඇති බව සඳහන්.
ජපාන අධිරාජ්‍යයේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේ දී නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් පසුව සුහද පිළිසඳරක ද නිරත වුණා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.