×

Search News

LATEST NEWS

අමෙරිකානු රජය Shutdown වෙයි

අමෙරිකානු රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අත්‍යාවශ්‍ය නොවන සේවා (Govement Shutdown) අද (01) වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු සෙනට් සභාවේ දී අවශ්‍ය අරමුදල් ලබාදීමේ කෙටි කාලීන පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ අතර අරමුදල් සම්පාදන ගණුදෙනුවක් පිළිබඳව පවතින විරුද්ධ ස්ථාවරයන් වෙනස් කර ගැනීමට නොහැකි වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවද එම වාර්තාවල සඳහන් වනවා.

අත්‍යාවශ්‍යය කටයුතු සඳහා තාවකාලිකව හෝ අරමුදල් සැපයීමට තිබූ අවසාන අවස්ථාව ලෙස සැලකෙන කෙටි කාලීන අරමුදල් පනත් කෙටුම්පත සෙනට් සභාවේ ඡන්දයෙන් අසමත් වීමත් සමඟ මෙම වසා දැමීමේ තත්ත්වය උද්ගත වී තිබෙනවා.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථා 14කදී ද අමෙරිකානු රජය මෙම පියවර ගෙන තිබුණා.

Previous Article Next Article