×

Search News

LATEST NEWS

මේ මසදී ලිට්‍රෝ සහ ලාෆ් ගෑස්වල මිලට වෙන දේ මෙන්න

මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම දැනුම් දී තිබෙනවා.

එම සමාගම පවසන්නේ මෙම මසට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිඳු සංශෝධනයක් නොවන බවයි.

මේ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙසද නොවෙනස්ව වනු ඇති.

මේ අතර මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල නොවෙනස්වන වන බව එම සමාගම දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645කි.

Previous Article Next Article