කැසිනෝ ගහන්න ගිය මහනුවර පුද්ගලයෙක් දිවි තොර කරගනී
අලුතින් ආරම්භ කළ සිටි ඔෆ් ඩ්‍රීම්ස් හි කැසිනෝ ක්‍රීඩා කිරීමට ගිය පුද්ගලයෙක් රුපියල් මිලියන ගණනක් පරාජයට පත්වීමෙන් පසුව සියදිවි නසා ගැනීමක් වාර්තා වනවා.
එම පුද්ගලයා එම කැසිනෝවටම අනුබද්ධිත නුවා හෝටලයේ හෝටල් කාමරයේ නානා කාමරයක් තුළ නාන කබායක ඉණ පටිය භාවිතා කර සියදිවි හානිකර ගෙන ඇති බව සඳහන්.
මහනුවර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස සියදිවි හානිකර තිබෙනවා.
සියදිවි නසාගත් පුද්ගලයා විසින් ජෝන් කීල්ස් මෙල්කෝ හි කැසිනෝ ක්‍රීඩා මෙහෙයුමට දොස් පවරමින් සටහනක් තබා ඔහු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති මරණ පරීක්ෂණයේ හෙළිව ඇති බව වාර්තා වනවා.
මෙම කැසිනෝවට අවසර ලබාදීම පිළිබඳව පසුගිය කාලයේ විවිධ පාර්ශවලින් චෝදනා එල්ල වූණා.
එහිදී එම හෝටල් සංකීර්ණයේ බලධාරීන් පවසා සිටියේ කැසිනෝවේ ශ්‍රී ලාංකිකයින්ට කැසිනෝ ක්‍රීඩා කළ නොහැකි බවයි.
අදාළ කැසිනෝවේ පාරිභෝගික ඉලක්කය ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් බවට ඔවුන් මෙහිදී තර්ක කර තිබුණා.