×

Search News

LATEST NEWS

කොළඹ ඉඳන් පොලොන්නරුවට කි.මි. පහෙන් පහට ලස්සන වැසිකිලි පද්ධතියක් හදනවා - නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්

ජාතික ජන බලවේගයේ පාලනය තුළ කොළඹ සිට පොලොන්නරුව දක්වා සෑම කිලෝමීටර් 4 - 5කට එකක් බැගින් පොදු වැසිකිලි පද්ධතියක් ඉදිකරන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසනවා.

ඔහු මේ සඳහන් කළේ පොලොන්නරුව කොටලීය පාලම ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීමේ උත්සවයට පසුගිය 1 වනදා එක්වෙමින්.

“කොළඹ ඉඳලා මෙහාට එනකල් ලස්සන, හොඳට කාටත් යන්න පුළුවන් වැසිකිලි පද්ධතියක් හදන්න අවුරුදු 76ක් තිස්සේ කාටත් බැරිවුණා. තියෙනවා වැසිකිලි, යන්නෙ නෑ කවුරුවත්. නේද ? සෑම කිලෝමීටර් 4 – 5කට ආසන්නව සනීපාරක්ෂක හොඳ වැසිකිලි පද්ධතියක් කොළඹ ඉඳන් මෙහාට එනකල් අපි සෑම තැනකම හදන්න කටයුතු කරනවා. හැම තැනකම හදනවා. පහසුකම් අපි හරිගස්සනවා”

Previous Article Next Article