×

Search News

LATEST NEWS

සැප්තැම්බරයේ සංචාරක පැමිණීම් තවත් ඉහළට

සැප්තැම්බර් මසදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 158971ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙය 2024 වසරේ අගෝස්තු මසදී පැමිණි ගණනට සාපේක්ෂව 30.24%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවක මේ බව සඳහන් වනවා.

අගෝස්තු මසදී ඉන්දියාවෙන් සංචාරකයින් 49697ක් පැමිණි ඇති අතර එය 31.3%කි.

ඊට අමතරව එක්සත් රාජධානියෙන් 10527ක්, ජර්මනියෙන් 9344ක්, චීනයෙන් 10527ක් සහ ප්‍රංශ ජාතිකයින් 5144ක් ද අගෝස්තු මසදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මේ අනුව 2025 වසරේ ජනවාරි 1 වනදා සිට සැප්තැම්බර් 30 දක්වා සංචාරක පැමිණීම් ගණන 1725494කි.

ඒ අතරින් සංචාරකයින් 375,292ක් ඉන්දියාවෙන්, 122,144ක් රුසියාවෙන් සහ 161,893ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

Previous Article Next Article