ඉන්දු පාකිස්ථාන ලඳුනුත් අතට දීමෙන් වැළකෙයි
එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දු - පාකිස්ථාන ක්‍රිකට් තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙනවා.
මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථාන නායිකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා.
නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙන්ම මෙම තරඟයේ දී ඉන්දු පාකිස්ථාන නායිකාවන් දේපළ අතට අතදිමෙන් වැළකී සිටියා.
ආසියානු කුසලාන විස්සයි විස්ස පිරිමි ක්‍රිකට් තරඟාවලියේ දී ඉන්දීය හා පාකිස්ථාන නායකයන් ක්‍රීඩකයන් තරඟාවලිය පුරාම අතට අත දීමෙන් වැළකී සිටි අතර එය ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආන්දෝලනයට තුඩුදුන් හේතුවක් වුණා.