×

Search News

LATEST NEWS

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

ඔක්තෝබර් මස සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් (07) ආරම්භ වනවා.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ අද (07) පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බවයි.

අද (07) දිනවල ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහිව සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ පරිපූරක ඇස්තමේන්තුව හෙට (08) විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.

බ්‍රහස්පතින්දා දිනයේ දී විපක්ෂය විසින් ගෙනඑනු ලබන සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත අතර සිකුරාදා දිනයේ දි පෞද්ගලික මන්ත්‍රී යෝජනා 8ක් විවාදයට ගැනීමට නියමිත බවද සඳහන්.

Previous Article Next Article