×

Search News

LATEST NEWS

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පරෙවියන් තිස් දෙදෙනෙකු සොරකම් කරලා

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් තිස් දෙදෙනෙකු සොරකම් කර ඇති බව වාර්තා වනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධව දෙහිවල පොලීසියට පැමිණිලි කර ඇති බවයි.

පසුගිය සිකුරාදා රාත්‍රී කාලයේ දී හෝ සෙනසුරාදා දින අලුයම් කාලයේ දී මෙම සතුන් සොරකම් කරන්නට ඇති බවට සැකකරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.

සතුන් රඳවා සිටි කූඩුවක් කඩා මෙම පරෙවියන් සොරකම් කර ඇති බව සඳහන්.

එම පරෙවියන් අධිකරණ නියෝග යටතේ විවිධ අවස්ථාවන්වලදී නඩු භාණ්ඩ ලෙස දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිට ඇති බවද වාර්තා වනවා.

දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා කියා සිටියේ සිද්ධිය පිළිබඳව විනය ක්‍රියාමාර්ග යටතේ සත්වෝද්‍යානයේ එම සතුන් සිටි අංශය භාරව කටයුතු කළ නිලධාරීයාගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මෙතෙක් මෙම සොරකමට පිළිබඳව පුද්ගලයෙකු හෝ සොරාගත් පරෙවියන් සම්බන්ධව කිසිඳු තොරතුරක් වාර්තා වී නැහැ.

සිද්ධිය සම්බන්ධව දෙහිවල පොලීසිය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

Previous Article Next Article