අග්‍රාමාත්‍ය හරිනි සහ ඉන්දීය අගමැති මෝදි එකම වේදිකාවක
අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වන NDTV ලෝක සමුළුව මේ මසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම සමුළුව ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල නවදිල්ලියේ දී පැවැත්වීමට නියමිතයි.
2025 NDTV ලෝක සමුළුවේ ගෝලීය සංවාදයකට වර්ථමානයේ වඩාත්ම බලගතු රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහභාගී නියමිත බව වාර්තා වනවා.
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ හරිනි අමරසුරිය සහ හිටපු අගමැතිවරුන් දෙදෙනෙකු වන එක්සත් රාජධානියේ රිෂි සුනක් සහ ඔස්ට්‍රේලියාවේ ටෝනි ඇබට් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතව තිබෙනවා.