×

Search News

LATEST NEWS

හිටපු ජනාපතිවරුන්ගේ හිමිකම් පනතට ආරක්ෂාව අදාළ නෑ - අමාත්‍ය ආනන්ද විජේපාල

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළද ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව මහජන ආරක්ෂා අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (07) පාර්ලිමේන්තුවේදීයි.

ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ද මේ වන විට භාර දී ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.

ඒ මහතා පැවසුවේ හිමිකම් අහෝසි කිරීමේ පනතට එය අදාළ නොවන බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් ආරක්ෂාවට අදාළ වාහන ඇතුළු අනෙක් දේ පිළිබඳව යම් ඉල්ලීමක් සිදු කරන්නේ නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බව මෙහිදී පැවසුවා.

Previous Article Next Article