×

Search News

LATEST NEWS

BREAKING - කැබිනට් ඇමතිවරුන් තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙක් දිවුරුම් දෙයි

ජනාධිපති කාර්යාලයේ දී නව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙක් අද (10) උදෑසන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

2026 වසරට අදාළව අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමටයි රජය තීරණය කර ඇති බව සඳහන්.

මේ අනුව අද (10) දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන්නේ,

බිමල් නිරෝෂන් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය

අනුර කරුණාතිලක - වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය

වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ - නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරුන්

ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

ටී.බී. සරත් - නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

එම්.එම්. මොහොමඩ් මුනීර් - ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

එරංග ගුණසේකර - නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

වෛද්‍ය මුදිත හංසක විජයමුණි - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

අරවින්ද සෙනරත් විතාරණ - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

එච්.එම්. දිනිදු සමන් කුමාර - තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 

Previous Article Next Article