×

Search News

LATEST NEWS

බිමල් ඇමතිකමෙන් අයින් කරේ කන්ටේනර් සිද්ධියට ද? - රාසමානික්කම් පාර්ලිමේන්තුවේ දී අසයි

ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයෙන් ඉවත් කරනු ලැබුවේ කන්ටේනර් 323 නිසා දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යම් රාසමානික්කම් මහතා විමසා සිටියා.

මන්ත්‍රීවරයා මෙම ප්‍රශ්ණය මතුකළේ පාර්ලිමේන්තුව අද (10) රැස්වූ අවස්ථාවේ දීයි.

උදෑසන වන විට ජනතාවට ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් ඇති වූ බවත් කන්ටේනර් සිදුවීමට සම්බන්ධ පුද්ගලයෙක් ඉවත් කර පරීක්ෂණ සිදුකරනවා යැයි විශ්වාසයක් ඇති වීම පිළිබඳව තමන් සතුටු වන බවත් ඔහු මෙහිදී කියා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසුවේ එවැනි ඉවත් කිරීමක් සිදු නොවූ බවයි.

විධිමත් වූ වැඩපිළිවෙලක් මෙන්ම අරමුණු කරා යාම සඳහා සංශෝධනය සිදු කළ බවත් බිමල් රත්නායක අමාත්‍යවරයාට ලැබී තිබෙන අලුත් වගකීම පිළිබඳව ඉදිරියේ දැනුම් දෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළා.

Previous Article Next Article