×

Search News

LATEST NEWS

ගාසා තීරය ගැන ඊශ්‍රායල හමුදාවෙන් දුන් සහතිකයක්

ගසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වන බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයේ සාම සැලසුමට පළ කිරීමෙන් පසු එහි ප්‍රදේශ කිහිපයකින් සිය හමුදා ඉවත් කිරීමේ කටයුතු ඊශ්‍රායල බලධාරීන් විසින් ආරම්භ කර ඇති බවයි.

මේ අනුව ගාසා තීරයේ වයඹ දිග ප්‍රදේශයේ ස්ථානගත කර තිබූ හමුදා කණ්ඩායම් ඉවත් කර ගැනීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කරමින් සිටින බවද සඳහන් වනවා.

සටන් විරාමය ගැන අදහස් දක්වමින් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ගාසා තීරයේ ඊශ්‍රායල පාලනයට ගෙන ඇති ස්ථානයක් වෙත අදාළ හමුදා කණ්ඩායම් ඉවත් කර ගැනීම මෙලෙස සිදුවන බවයි.

මේ සඳහා සාම ගිවිසුමේ දී එකඟතාව පළවූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රකාශ කර තිබුණා.

Previous Article Next Article