×

Search News

LATEST NEWS

පොලිසියට දුන් ප්‍රකාශයක් ප්‍රසිද්ධ කිරීම වැරදි - විමල්ගෙන් චෝදනාවක්

තමන් ලබාදුන් සාක්ෂි ප්‍රසිද්ධියට පත් කිරීම පිළිබඳව ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කරන බව ජාතික නිදහස් පෙරමු‍ණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ පක්ෂ මූලස්ථානයේ අද (11) පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ පිළිබඳව නීතිමය පියවර ගැනීමට සිය නීතිඥයන් සමඟ සාකච්ඡා කරන බවද ඔහු මෙහිදී පැවසුවා.

පුවක්දණ්ඩාවේ සනා නැමැති පුද්ගලයාගේ දේශපාලන සම්බන්ධතා සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සිදු කරන ලද ප්‍රකාශවලට අදාළව පෙරේදා මොහු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලවලට කැඳවා තිබුණා.

හිටපු අමාත්‍යවරයා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (10) පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මොහු පුවක්දණ්ඩාවේ සනා නැමැති පුද්ගලයාගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සිදුකරන ලද ප්‍රකාශවලට අදාළව කරුණු තහවුරු කිරීමේ කිසිඳු සාක්ෂියක් පෙරේදා ප්‍රකාශ ලබාදුන් අවස්ථාවේ ඉදිරිපත් කර නොමැති බවයි.

කෙසේ වෙතත් ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදුකරනු ඇති බවද එම කොට්ඨාසය සඳහන් කළා.

Previous Article Next Article