×

Search News

LATEST NEWS

ගාල්ලේ ධීවර වරායේ විශේෂ සෝදිසියකින් පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට

ගාල්ල ධීවර වරායේ ඊයේ (11) පස්වරුවේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්න මහතාගේ උපදෙස් මත පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදා එක්ව මෙම හදිසි සෝදිසි මෙහෙයුම සිදුකළ බවයි.

පොලිස් නිල සුනඛයන්ගේ සහාය ද සෝදිසි මෙහෙයුම සඳහා ලබා ගෙන තිබුණා.

ධීවර යාත්‍රා වරායට ඇතුළු වන පුද්ගලයින් සහ රථ වාහන ද මෙහිදී දැඩි පරික්ෂාවට ලක්කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙක් සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය තිබූ බවද පොලීසිය පවසනවා.

Previous Article Next Article