×

Search News

LATEST NEWS

ගල්කිස්ස සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ලැබුණු අධිකරණ තීන්දුව

ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩු විභාගය අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේදීයි.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත 2ක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.

පොලීසිය විසින් අදාළ සිද්ධිය වූ අවස්ථාවේදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අසභ්‍ය වච්චනයෙන් පොලිස් කොස්තාපල්වරයාට බැන වැදීම පිළිබඳව තවත් B වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා.

තවදුරටත් කරුණු වාර්තා කරමින් පොලීසිය අධිකරණය හමුවේ පැවසුවේ මේ වන තෙක් නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට ඉදිරිපත් වීමක් හෝ පොලීසියට ප්‍රකාශ ලබා දීමක්ද සිදු කර නොමැති බවයි.

Previous Article Next Article