×

Search News

LATEST NEWS

නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක් ස්ථාපිත කරයි

කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා නව අතිරේක සිවිල් අභියාචනා මහාධිකරණයක් ස්ථාපිත කර තිබෙනවා.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය සඳහන් කළේ අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ උපදෙස් පරිදි නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණය ස්ථාපිත කර ඇති බවයි.

මෙහි කටයුතු අද (13) සිට ආරම්භ වන අතර එහි මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අගවිනිසුරුවරයා විසින් මහාධිකරණ විනිසුරු හසිත සමන් පොන්නම්පෙරුම සහ  මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර යන මහත්වරුන් පත් කර තිබෙනවා.

Previous Article Next Article