×

Search News

LATEST NEWS

අමෙරිකාව ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන වෙයි

අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දෙවන අදියර යටතේ මෙම සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇති බව සඳහන්.

මෙහිදී අවදානම් දර්ශක කිහිපයක් ද එකතු කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ඇතිවන නොසන්සුන්තාවයන්, ත්‍රස්තවාදය සහ බිම්බෝම්බ යන යනාදි කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව අමෙරිකාව සිය සංචාරක උපදේශනය මඟින් දැනුම් දී තිබෙනවා.

Previous Article Next Article