සෝලා පැනල සඳහා නව ගාස්තු ක්‍රමවේදයක්
වහල මත සවිකරන සෝලා පැනල සමඟ ඒකාබද්ධ කරන බැටරි බලශක්ති ගබඩා පද්ධති මඟින් විදුලිය මිලදී ගැනීම සඳහා වූ නව ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
මෙම නව ක්‍රමවේදය යටතේ විදුලි ඉල්ලුම වැඩිම කාලය වන පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා බැටරි ගබඩා පද්ධතිවලින් මුදා හැරෙන පැයට කිලෝවොට් එකක විදුලි ඒකකයක් සඳහා රුපියල් 45.80ක මිලක් ගෙවීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන්.
අධික ඉල්ලුමක් සහිත රාත්‍රී කාලයේ දී ජාතික පද්ධතියට සැපයීම සඳහා දිවා කාලයේ දී සූර්ය ශක්තියෙන් නිපදවන විදුලිය ගබඩා කිරීමට සහ සුර්ය බලශක්ති නිෂ්පාදකයින්ට බලශක්ති ගබඩා තාක්ෂණ භාවිතා කිරීම දිරි ගැන්වීම මෙම නව ගාස්තු ක්‍රමවේදය හරහා අපේක්ෂා කරනු ඇති.