හිටපු ඇමති මනුෂ අල්ලස් කොමිසමට පැමිණෙයි
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.
අද (15) උදෑසන ඔහු එම කොමිසම වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේ දී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මනුෂ නානායක්කාර මහතා මෙලෙස කැඳවා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් අල්ලස් කොමිසම විසින් තමා අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (14) නිෂ්ප්‍රභ කර තිබුණා.