නීතීඥ වන්නිනායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරයි
තමා අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
පොලිස්පතිවරයා ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ දී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධාවක් සිදුකළේ යැයි කියන සිද්ධියක් පිළිබඳව පොලීසිය තමන්ව අනීතිකව ලෙස අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බව ඔහු සිය පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ මේ අනුව තමාව අත්අඩංගුවට ගැනීම වැලැක්විමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.