×

Search News

LATEST NEWS

නීතිඥ ගුණරත්න වන්නිනායක ඇප මත මුදා හරී

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියෝග කළා.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දී පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීම පිළිබඳව ඔහුට එරෙහිව තිබූ නීති කෘත්‍ය අද (15) පස්වරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දුන්නා.

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටින ගුණරත්න වන්නිනායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසුරිය මහතා සමඟ අද (15) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණීමෙන් අනතුරුව මෙම නිතී කෘත්‍ය කැඳවනු ලැබුවා.

Previous Article Next Article