×

Search News

LATEST NEWS

අගමැතිනිය ඉන්දියාව බලා පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

අද (16) අලුයම 12.40ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 191ක දරණ ගුවන යානයෙන් අග්‍රාමාත්‍යවරිය නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව ලබන 18 දින දක්වා ඇය ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරියගේ මෙම සංචාරය අතරවාරයේ දී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.

Previous Article Next Article