සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දෙයි
නේපාලයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිතව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඇය සමඟ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් 5 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිත බවයි.
මේ අතර නේපාලයේ දී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස රැගෙන් ආ ගුවන් යානය ඊයේ (15) රාත්‍රී 6.55ට පමණ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණියා.
UL 182 ශ්‍රී ලංකන් ගුවන් යානය නේපාලයේ කත්මන්ඩු නුවර සිට මෙරටට පැමිණි අතර ගුවන්තොටුපොළ අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූණා.
ශ්‍රී ලංකා පොලීසිය සිදුකළ මෙහෙයමකදී ඉෂාරා සෙව්වන්දි ඇතුළු 6 දෙනා මෙරටට රැගෙන විත් තිබුණා.