×

Search News

LATEST NEWS

සජබ සමඟ සාකච්ඡාවට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

සමඟි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ඒජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතිඥ රොලන්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් මෙම කමිටුවට පත්කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බවද එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Previous Article Next Article