×

Search News

LATEST NEWS

ලොකු පැටීගේ සමඟ ගණුදෙනු කළ කපුවෙකුගේ ගිණුමේ කෝටි 33ක්

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 'ලොකු පැටී' නම් අපරාධකරුගේ මුදල් පාලන කටයුතු සිදුකළ ගන්දර ප්‍රදේශයේ කපු මහත්තයෙකු ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මඟින් අදාළ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

විමර්ශන නිලධාරීන් සිදුකළ සොයා බැලීමේ දී හෙළිව ඇත්තේ සැකකරුගේ ගිණුම්වල රුපියල් කෝටි 33කට අධික මුදලක් සංසරණය වී ඇති බවයි.

ලොකු පැටී සමඟ ඔහු සමීප සබඳතා පවත්වා ඇති බවද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

පොලීසිය පවසන්නේ අදාළ සැකකරු විසින් ලොකු පැටීගේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමේ නිරතව ඇති බවයි.

සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 7ක රැඳවුම් නියෝගය ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Previous Article Next Article