×

Search News

LATEST NEWS

ලොකු පැටී වෙන අපරාධ කල්ලි බලකායක් හදාගෙන ඉඳලා - පොලිස් විමර්ශනවලදී හෙළි වෙයි

ක්ලබ් වසන්ත ඝාතනය පිළිබඳව මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ලොකු පැටීගේ සමිපතයෙක් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කොට්ඨාසය සඳහන් කළේ එහිදී සැකකරු සතුව තිබී T56 ගිනි අවියක්, ෂොට් ගන් දෙකක් සහ ජීව උණ්ඩ තොගයක් පොළොව යට සඟවා තිබියදී සොයාගත් බවයි.

මෙම අවි ආයුධ ලොකු පැටී විසින් පසුගිය 16 වනදා ටිපර් රථයක සුක්ෂම ලෙස සඟවා සැකකරු වෙත ඒවා ඇති බවද මුලික විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

එම විමර්ශනවලදී පොලීසිය සඳහන් කළේ අදාළ ටිපර් රථයෙන් මත්ද්‍රව්‍ය කොළඹට එවීම සඳහා ලොකු පැටී සුදානමින් සිට ඇති බවයි.

අත්අඩංගුවට පුද්ගලයා යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබලෙක් වන අතර ඔහුව තවත් හිටපු STF සෙබලෙක් විසින් ලොකු පැටී සම්බන්ධ කර තිබෙනවා

අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන සිටින අවස්ථාවේ දීත් බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ලොකු පැටී ඔහුට දුරකථන ඇමතුම් ලබාදී ඇති බවද වාර්තා වනවා.

Previous Article Next Article