×

Search News

LATEST NEWS

සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබාදුන් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

ඉෂාරා සෙව්වන්දි නවාතැන් පහසුකම් ලබාදුන් පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා අලුත්ගම පොලීසියට අනුයුක්ත කර ඇති නිලධාරියෙකු බව සඳහන්.

ඉෂාරා සෙව්වන්දි නවාතැන් පහසුකම් ලබාදීම පිළිබඳව කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ තවද අත්අඩංගුවට ගත් පුද්ගලයා එම කාන්තාවගේ බෑනා වන බවයි.

ඊට අමතරව ඉෂාරා සෙව්වන්දිට මාස එකහමාරක කාලයක් නවාතැන් පහසුකම් ලබාදුන් පුද්ගලයෙකු ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම ශාන් නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකි.

Previous Article Next Article