×

Search News

LATEST NEWS

පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ඝන් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් මරුට

පාකිස්ථානය විසින් ඇෆ්ඝනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ඝනිස්ථානයේ දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් ඇති බවයි.

කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙලෙස මියගොස් තිබෙනවා.

ඔවුන් ක්‍රිකට් තරඟයට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණි අතරතුර මෙම ප්‍රහාරයට මුහුණ දී ඇති බව සඳහන්.

මේ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දැක්වීමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය සමඟ නොවැම්බර් මස පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වන බවද ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ආයතනය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් එරට සිවිල් වැසියන් 5 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

Previous Article Next Article