×

Search News

LATEST NEWS

මහින්දගේ සිත සුව කරන බෙහෙත මෙන්න

තම ගත සිත සුවපත් කරන්නේ ජනතා ඇසුර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සමාජ මාධ්‍ය සටහනක් තබමින්.

"ජනතාව සමඟ නිදහසේ සිටීමට මම බෙහෙවින් ප්‍රිය කරමි. මිනිසුන් අතර සිටීම කිසි දිනක මා විඩාවට පත් නොකරයි.එය පුරුද්දකි. බැඳීමකි. සැමට නොලැබෙන අවස්ථාවකි. ජනතාවගේ සිත් තුළ ඇතිවන විශ්වාසය සහ ලෙංගතුකම මත ගොඩනැගෙන මානව සබඳතා, ජන මූල නායකයෙකුගේ ඔරොත්තු දීමේ හැකියාව සහ ධෛර්යයෙන් යුතුව මුහුණ දීම් හැකියාව වර්ධනය කරයි. ජනතා ඇසුර යනු මා තව තවත් ගතින් සවිමත් කරන්නකි. මනස සුවපත් කරන්නකි.

සැමදා එක ලෙසින් පැමිණ සුව දුක් විමසන, හිතවත් කතාබහක යෙදෙන ආදරණීය ජනතාවට ස්තුතිවන්ත වෙමි. දේශපාලන සගයින් ද සිහිපත් කරමි. ඔබ සැමට ස්තුතියි."

Previous Article Next Article