අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පීලී ගැනීමකට ලක්ව ඇති බවයි.
අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගය ආසන්නයේ සුළු නාය යෑම් තත්ත්වයක් හටගෙන ඇති බව සඳහන්.
මේ හේතුවෙන් මෙම පීලී පැනීම සිදුව ඇති බව වාර්තා වනවා.
දුම්රියේ එක් මැදිරියක් පීලී පැනීමට ලක්ව ඇති අතර එය පිලීගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
පීලී පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට සිදුව ඇති බව සඳහන්.