×

Search News

LATEST NEWS

විල්පත්තුවේ දී ගංවතුරට මැදි වූ සංචාරකයින් පිරිසක් බේරා ගනී

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරයට පැමිණ සිටියදී ඇඳහැලුණු අධික වර්ෂාව හේතුවෙන් යළි පිවිසුම කරා යාමට නොහැකිව සිටි දෙස් විදෙස් සංචාරකයින් 30 දෙනෙක් වනජීවී නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.

ගමන්ගත් මාර්ග කැඩීයාම හේතුවෙන් එම පිරිසට නැවත එළුවන්කුලම පිවිසුම වෙත පැමිණීමට නොහැකිව ඇති බව සඳහන්.

මේ අනුව වනජීවී නිලධාරීන් පැමිණි සෆාරි රථ යොදා ගනිමින් ඔවුන් නිරුපද්‍රිතව නැවත රැගෙන විත් තිබෙනවා.

රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සමඟ කලා ඔයෙන් ගලා ආ දැවැන්ත ජල කඳක් හේතුවෙන් එළුවන්කුලම පිවිසුම අවට ප්‍රදේශය අඩි 6කට වඩා ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති අතර මෙම පිරිසට පැමිණීමට නොහැකිව සිට තිබෙනවා.

Previous Article Next Article