×

Search News

LATEST NEWS

2025 වසරේ මුල් කාර්තු තුන තුළදී චීනයේ දළ දේශීය නිෂ්පාදනය යුවාන් ටිලියන 101.5 ඉක්මවයි

2025 වසරේ මුල් කාර්තු තුන තුළදී චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 101.5ක් ඉක්මවා ඇති බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

ඊට අදාළ දත්ත වාර්තාව අද (20) නිකුත්ව තිබෙනවා.

එහි බලධාරීන් සඳහන් කරන්නේ එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.2%ක වර්ධනයක් පෙන්නුම් කිරීමක් බවයි.

අදාළ කාලය තුළ චීන ආර්ථිකය ස්ථාවර මට්ටමක පැවති බවද එම වාර්තාවෙන් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

එම කාර්යාංශය පෙන්වා දෙන්නේ මෙවැනි වර්ධනයක් හිමිකර ගැනීමෙන් චීනයේ ගුණාත්මක සංවර්ධනයේ සුවිශේෂී ප්‍රගතියක් පෙන්නුම් කිරීම ද කැපී පෙනෙන්නක් බවයි.

Previous Article Next Article