වැලිගම ප්‍රාදේශීය සභා සභාපති වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට
වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා හෙවත් මිදිගම ලසා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරු පැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි තැබීම හමුවේ ඔහුගේ බරපතළ තුවාල ලැබුවා.
අනතුරුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබුවා.
සභාපතිවරයා හමුවී ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙක් මෙලෙස වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.