×

Search News

LATEST NEWS

සෙව්වන්දි ඉන්දියාවට පැනගිය බෝට්ටුව හමුවෙයි

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලා යාම සඳහා යොදාගත් බෝට්ටුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී මෙම බෝට්ටුව පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

අදාළ බෝට්ටුව ඉෂාරාට ඉන්දියාවට පලා යාමට මඟ සැලසු බව පැවසෙන ඒ.ආනන්දන් නැමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමක් යුක්ත බෝට්ටුවක් බවට හෙළිව තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් ආනන්දන් නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්නකිරීමේදී මෙම බෝට්ටුව සොයාගැනීමට සමත්ව ඇති බව වාර්තා වනවා.

Previous Article Next Article