×

Search News

LATEST NEWS

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු සහ ඉෂාරාට ආධාර අනුබල දුන් 4ක් තවදුරටත් රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට පලා යාමට ආධාර අනුබල දුන් යැයි අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියන් දෙදෙනෙකු තවදුරටත් නොවැම්බර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මේ අතර ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධව සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන වෙඩික්කරු ඇතුළු අනෙක් සැකකරුවන් ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

බූස්ස බන්ධනාගාරයේ සිටින මෙම වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන් සූම් තාක්ෂණයේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

Previous Article Next Article