×

Search News

LATEST NEWS

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ රංචිහිදී ඊයේ (26) නිමාවට පත්වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

මෙම තරඟාවලියේ තරඟ ඉසව් රැසකදී ඉන්දියාවට කරට කර සටහනක් දුන් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ පෙරමුණ අහිමිව වූයේ රන් පදක්කම් 4කින් වෙනසකින්ය.

ශ්‍රී ලංකාව මෙහිදී රන් 16ක්, රිදී 14ක් හා ලෝකඩ 10ක් සමඟින් පදක්කම් 40ක් දිනා ගැනීමට සමත් වුණා.

රන් පදක්කම් 20ක් දිනූ ඉන්දියාවට පදක්කම් සටහනේ පෙරමුණු හිමි වූ අතර රිදී 20ක් හා ලෝකඩ 18ක් ද ඔවුන් දිනා ගනු ලැබුවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැරෙන්න වෙනත් කිසිඳු රටකින් රන් පදක්කමක් දිනා ගැනීමට නොහැකි වුණා.

විශේෂයෙන් නේපාලය රිදී පදක්කම් 2ක් දිනා ගැනීම හැරෙන්නට වෙනත් කිසිඳු රටකට රිදී පදක්කමක් හෝ දිනා ගැනීමට අවස්ථාවක් හිමි වුයේ නැහැ.

බංග්ලාදේශය ලෝකඩ පදක්කම් 3ක්ද, මාලදිවයින ලෝකඩ පදක්කමක්ද දිනා ගැනීමට හැරෙන්න භූතානයට එක් පදක්කමක් හෝ දිනා ගැනීමට නොහැකි වුණා.

මෙම තරඟාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට ආසන්න පිරිසක් සහභාගී වුණා.

තරඟාවලියට ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව භූතානය, නේපාලය, මාලදිවයින සහ බංග්ලාදේශය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදි තරග වැදුණා.

Previous Article Next Article