×

Search News

LATEST NEWS

ආණ්ඩුවට එරෙහිව මහජන හඬ රැලිය ලබන 21 වනදා නුගේගොඩ දී

ආණ්ඩුවට එරෙහිව විරුද්ධ පක්ෂය ඒකාබද්ධ පවත්වනු ලබන ජනරැළිය මහජන හඬ නමින් නොවැම්බර් 21 වනදා සවස 2ට නුගේගොඩ දී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධව සවිස්තරාත්මක රට දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ මාධ්‍ය හමුවක් අද (27) උදෑසන 9.30ට කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂය, සමඟි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු විරුද්ධ පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ 30කට අධික ගණනක් මෙම ජනරැලියට එක්වීමට නියමිත බව වාර්තා වනවා.

Previous Article Next Article