සංචාරක පැමිණීම් තවත් ඉහළට
ඔක්තෝබර් මාසයේ පසුගිය සති 3 තුළ පමණක් සංචාරකයින් 120000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය සඳහන් කරන්නේ ඔක්තෝබර් මස 23 වනදා සිට සංචාරකයින් 119670 දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි.
මේ අනුව 2025 වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1845164 දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා.