×

Search News

LATEST NEWS

ඇමතිටයි පොලිස්පතිටයි දෙන්නටම විශ්වාසභංගයක්?

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමඟි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සුදානමින් සිටින බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග කළේ තවද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව එම ධුරයෙන් නෙරපීම සඳහා යෝජනාවක් ද විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මීට පෙර දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරමින් කටයුතු කළ ආකාරයටම මෙම යෝජනාවත් ඉදිරිපත් කිරීමට සුදානමක් ඇති බවද වාර්තා වනවා.

Previous Article Next Article