×

Search News

LATEST NEWS

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පිළිබඳව අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් 6 දෙනෙක් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය 22 වනදා සිය නිල කාමරය තුළදී වෙඩි තබා ඝාතනය කෙරුණා.

එම ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සිද්ධිය පිළිබඳ සැකකරුවන් 6 දෙනෙක් පසුගිය 26 වනදා කැකිරාව, මහරගම සහ ගාල්ල යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අතර වෙඩික්කරුගේ බිරිඳ, වෙඩි තැබීම සඳහා වෙඩික්කරු සමඟ පැමිණි යතුරුපැදියේ පැදිකරු සහ ඔවුන්ට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයින් තිදෙනෙක් වන බවද පොලීසිය පැවසුවා.

පසුගිය 26 වනදා මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූ වැලිගම සභාපතිවරයා ඝාතනයේ වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයා අගුලුගහ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක් බව වාර්තා වනවා.

Previous Article Next Article