×

Search News

LATEST NEWS

හිටපු ජනාධිපති රනිල් අද නැවත විත්ති කූඩුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පොදු දේපල පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (29) නැවත කැඳවීමට නියමිතව තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී මෙම නඩුව කැඳවීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගී වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා පිළිබඳව මෙම පැමිණිල්ල ගොනු කර තිබුණා.

මේ අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය අගෝස්තු මස 22 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අගෝස්තු මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

හිටපු ජනාධිපතිවරයා පිළිබඳව ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය හිටපු ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප තුනක් යටතේ මුදාහැරීමට නියම කළා.

Previous Article Next Article