×

Search News

LATEST NEWS

හමුදා පුහුණුවකදී අත් බෝම්බයක් පුපුරා යාමෙන් අනතුරක්

යුද හමුදා පුහුණුවක් අතරතුර අත් බෝම්බයක්  සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළුන් තිදෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

මාඳුරු ඔය යුද හමුදා පුහුණු කඳවුරේ දී අද (29) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ අදාළ අනතුරින් තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් තිදෙනා පොළොන්නරුව රෝහලත් ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්ය.

අනතුරෙන් සෙබළුන්ගේ පාදවලට තුවාල සිදුව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ රුසියානු යුද හමුදාව අතර මේ දිනවලදී පැවැත්වෙන යුද අභ්‍යාසයක් අතරතුරදී මෙම අනතුර සිදුව තිබෙනවා.

Previous Article Next Article