ඉෂාරාට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබාදුන් සැකකාර නීතිඥවරිය රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥවරියගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 72ක් රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දි පිස්තෝලය සඟවා රැගෙන එම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබාදී ඇත්තේ මෙම නීතිඥවරිය බව සඳහන් වනවා.
පොලීසිය පැවසුවේ ඊයේ (28) රාත්‍රියේ කඩවත ප්‍රදේශයේ දී සිද්ධියට අදාළ නීතිඥවරිය අත්අඩංගුවට ගත් බවයි.
සිද්ධියේ වෙඩික්කරු එදිනම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවද ගිනි අවිය අධිකරණ භූමිය තුළට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරුවා.
පසුව ඇය පසුගිය 14 වනදා නේපාලයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට පියවර ගැනුණා.
මේ වන විට ඝාතනය පිළිබඳව ඉෂාරා සෙව්වන්දිට පලා යාම සඳහා ආධාර අනුබල දුන් කිහිපදෙනෙක් ද මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.