×

Search News

LATEST NEWS

නාරාහේන්පිට ගින්නෙන් 07ක් බේරා ගනී

නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්න මේ වන විට සම්පුර්ණයෙන් පාලනය කර තිබෙනවා.

එම නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ මෙම ගින්න අද (29) උදෑසන හටගෙන තිබුණා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 13ක් යොදා ගනිමින් එම මහල්වල සිරවී සිටින ජනතාව මුදාගෙන ගැනීමට කටයුතු කළා.

සහන කණ්ඩායම් විසින් ගින්නට මැදිවූ පුද්ගලයින් 07 දෙනෙක් බේරාගෙන තිබෙනවා.

ඒ සඳහා skylift වාහන දෙකක් ද එම ස්ථානයට පිටත්කර යවා තිබුණා.

මේ දක්වා ගින්න ඇති වීමට හේතුව හෙළිව නැහැ.

ගින්නෙන් එක් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වනවා.

Previous Article Next Article