×

Search News

LATEST NEWS

දිවයින පුරාම වරණය වන CCTV පද්ධතියක් සවි කිරීමේ සුදානමක්

කොළඹ නගරයේ සහ රටපුරා විවිධ ප්‍රදේශවල මහ මාර්ගවල ආරක්‍ෂිත කැමරා පද්ධති සවි කිරීමට රජය අවධානය යොමුව තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සඳහා අවශ්‍ය කැමරා ප්‍රමාණය සහ ඊට වැයවන මුදල් පිළිබඳව සාකච්ඡා සිදුවන බවයි.

පාතාල අපරාධකරුවන් ඇතුළු විවිධ සැකකරුවන් අල්ලා ගැනීමට ආරක්‍ෂිත කැමරා බොහෝ අවස්ථාවලදී උපකාර වුණා.

ඒ අනුව මෙම කැමරා පද්ධති පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ද බස්නාහිර, වයඹ සහ උතුරු පළාත මුල්කරගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට ද අවධානය යොමුව තිබෙනවා.

ලබන වසර ආරම්භයේ දී මෙම කැමරා පද්ධතිය ක්‍රියාත්මක කිරීම අරමුණයි.

Previous Article Next Article